Friday, January 17, 2020

අහසට ගිය සැණකෙලිය

      තෛපොංගල් දින උත්සවයට සමගාමීව සෑම වසරකම පාහේ පවත්වන යාපනය සරුංගල් සැණකෙළිය පෙරේදා(15) යාපනය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් යාපනය වැල්වැටිතුරෙයි වෙරළ තීරයේදී පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,උතුරු පළාත් සභා අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධානය කොට තිබිණ.

වෙහෙසට පත් වු ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බැවින් යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසීය.

කරත්ත,මාළිගාවන්, සත්ව රූප ආදි විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ.

නයිලෝන් ලණු ආධාරයෙන් විශාල ප්‍රමාණයේ සරුංගල් ඉහළ නංවනු ලැබීය.